(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 05 පස්වරු 07.16ට)
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් ගැන ගුණ වැයීමක් සිදු කිරීමට තමාට කිසිදු අවශ්‍යතාවයක් හෝ හේතුවක් නොමැති බව ආරක්ෂක ලේකම්, විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න සඳහන් කරයි.
පසුගිය ඔක්තෝම්බර් 01 වැනි දින වව්නියාවේ දී තමන් සිදු කළ කතාවක් ඇතැම් පිරිස් විසින් වැරදි චිත්‍රයක් මවමින් සංස්කරණය කර ප්‍රචාරය කරමින් සිටින බව ද ආරක්ෂක ලේකම්වරයා පවසනවා.
ආරක්ෂක ලේකම්, විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මේ බව සඳහන් කළේ, ඔක්තෝම්බර් 05 වැනි සඳුදා දින ආරක්ෂක අමාත්‍යාංශයේ දී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ය.
එහිදී අදහස් දක්වමින් ආරක්ෂක ලේකම්වරයා, ‘වව්නියාවේ තිබුණේ රාජ්‍ය උත්සවයක්. මේ රාජ්‍ය උත්සවය කියන්නේ වව්නියාව දිස්ත්‍රික්කයේ දිසාපති කාර්යාලයේ ඒ කියන්නේ කච්චේරියේ නව ශ්‍රවණාගාරය විවෘත කිරීමේ උත්සවය. ඉතින් මේ උත්සවයේ ප්‍රධාන අමුත්තා විදියට අභ්‍යන්තර ආරක්ෂක කටයුතු ඒ වගේම ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් සිටින ගරු චමල් රාජපක්ෂ මැතිතුමා තමයි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් පැමිණියේ.
එතකොට මම ඒ අමාත්‍යාංශයේ ලේකම්වරයා විදියට මටත් ආරාධනයක් ලැබුණා එන්න කියලා. ඒ වගේම, දිසාපති කාර්යාලයෙන් ඒ පළාතේ ඉන්න මහජන නියෝජිතයන්ට ආරාධනා කරලා තිබුණා. අපි ඒ උත්සවය සඳහා සහභාගි වුණා. ඒ අතරම මම ලැහැස්ති කළා උතුරු මැද පළාතේ, නැගෙනහිර පළාතේ සහ උතුරු පළාතේ ඉන්න සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ට ඒ ශ්‍රවණාගාරය විවෘත කළාට පස්සේ එතන ඒ අය සමඟ දීර්ඝ සාකච්ඡාවක් පවත්වන්න.
ඉතින්, මෙතන දී මහජන නියෝජිතයන්ට මං ආරාධනා කරලා තිබුණා. ඉතින්, එතකොට දැන් මත භේදයට තුඩු වෙලා තියෙන රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීතුමත් ඇවිල්ලා හිටියා. රාජ්‍ය නිලධාරීන්ගේ ආරාධනයෙන්. ඊට පස්සේ ඒ උත්සවය පටන් ගත්තා. ඒ උත්සවය අතරතුර දී, මටත් සුළු කතාවක් කරන්න ආරාධනා ලැබී තිබුණා. ඉතින් මං ඒ කරපු කතාව විකෘති විදියට, ඒ කියන්නේ ඒ කතාවේ මැදින් කෑලි අයින් කරලා විකෘති විදියට දාලා ප්‍රචාරණයක් අරන් යන්න යම්කිසි කොටසක් කටයුතු කරලා තියෙනවා.
අද සමාජ මාධ්‍යජාලාවල ඒකට යනවා මම රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාව ගුණ වර්ණනා කළා කියලා. කිසිම ගුණ වර්ණනා කිරීමක් නැහැ. ඇත්තටම මගේ කතාව තුළ දී මම ගුණ වර්ණනා කරා දැනට උතුරු පළාතේ ආණ්ඩුකාර පදවිය හොබවන පී.එස්.එම්. චාල්ස් මැතිනිය ගැන. මොකද මම අවතැන් වූවන් පිළිබඳ නිසි බලධාරියා ලෙස රාජකාරි කරන කොට මට ඇත්තටම යෝධ ශක්තියක් වුනු කෙනා තමයි වව්නියාව දිසාපතිතුමිය. ඉතින්, එවකට චාල්ස් මහත්මිය තමයි වව්නියාව දිසාපති විදියට හිටියේ. මම ඇය ගැන සෑහෙන වර්ණනාවක් කළා එතන. මොකද ඒක කළ යුතුයි.
මම රිෂාඩ් බදියුදීන් මැතිතුමා ගැන කිව්වේ, එකම එක වාක්‍යයක් පමණයි. ඔහු ඒ කාලේ අවතැන් වූවන් නැවත පදිංචි කිරීම පිළිබඳ අමාත්‍යවරයා කියලා. ඒ ඇරෙන්න මම ඔහුගේ කිසිම ගුණ ගැයීමක් කළේ නැහැ. මට එහෙම කාගෙවත් ගුණ ගැයීමක් කරන්න අවශ්‍යයත් නැහැ. නමුත්, මම චාල්ස් මැතිනිය ගැන කිව්වා. මොකද, චාල්ස් මැතිනිය මම දුෂ්කරතාවලට පත් වුන හැමවෙලාවෙම රජය පැත්තෙන් රජයේ යාන්ත්‍රණය පැත්තෙන් මට විශාල සවියක් වුනා. ඉතින් මට, රිෂාඩ් බදියුදීන් මැතිතුමා ගැන ගුණ ගයන්න මට කිසිම අවශ්‍යතාවයකුත් නැහැ. කිසිම හේතුවකුත් නැහැ. මෙතන මං ගුණ ගැයීමක් කරලාත් නැහැ.
නමුත් මට කණගාටුවට කරුණ, කතාවේ මැද සම්පූර්ණ කෑල්ලක් අයින් කරලා දෙපැත්ත එකතු කරලා, මැද කෑල්ල අයින් කරලා මේක දාලා හිටන් එක්තරා මාධ්‍ය ජාලයක මේක ප්‍රචාරය කළා. ඒක සමාජ මාධ්‍යජාල අතරට ගියා. ඉතින් මෙතනදී මම කියලා තියෙනවා අපි කිසිම ආගම් බේදයක් නැතුව, ජාති බේදයක් නැතුව, කුල මල බේදයක් නැතුව අපි මේ වන්නියේ අහිංසක අවතැන් වූ පිරිස් නැවත පදිංචි කරන්න අවශ්‍ය සියලුම දේ කරන්න කියලා.
ඉතින් මෙතැනදී මම ප්‍රකාශ කරලා තියෙනවා, ඒ අයට ගෙවල් හදලා දෙන්න, ඒ වගේම ඒ අයගේ වාස භූමිවල බිම් බෝම්බ ඉවත් කරන්න, නොමඟ ගිය දරුවන් පුනරුත්ථාපනය කරලා ඒගොල්ලන්ව සමාජගත කරන්න, ඒ වගේම ඒ අයගේ ජීවිත යථා තත්ත්වයට පත් කරන්න අවශ්‍ය හැමදේම කරන්න, අපි වැඩ කරා. ඉතින්, ඒ මිසක් මං මේ එක්තරා පුද්ගලයෙක් ගැන කිසිම සඳහනක් ගුණ ගැයීමක් කරලා නැහැ’ යැයි පැවසුවා.
රිෂාඩ් එක්ක මගේ රජයට කිසිඳු ඩීල් එකක් නෑ – ජනාධිපති ගෝඨාභය
රිෂාඩ් හමුවීම ගැන චමල්ගෙන් ඡන්දදායකයින්ට පැහැදිලි කිරීමක්
20 වන සංශෝධනයට බදුර්දීන් සහය දෙයි ද?

