කොවිඩ්-19

Brandix කොරෝනා පොකුරෙන් තවත් 05ක් හඳුනාගනී, පොකුර 80 දක්වා ඉහළට

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 05 පස්වරු 08.00ට – යාවත්කාලීන කරන ලදී)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ඔක්තෝම්බර් 05 වන සඳුදා පස්වරු 07.00 වනවිට 3,483ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

දිනය තුළ මෙතෙක් නව ආසාදිතයින් 81ක් වාර්තා වී ඇති අතර එක් අයෙකු සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා. දිනය තුළ වාර්තා වූ නව ආසාදිතයින් අතුරින්,

  • බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර - 78 (පෙරවරුවේ වාර්තා වූ 69 දෙනා, මොනරාගල, මැදගම - 01, යාපනය, වේලනෙයි - 01, කුරුණෑගල, කටුපොත - 02, අවසන්වරට වාර්තා වූ ගණන - 05
  • එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි - 02
  • එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි නාවිකයින් - 01

බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරට අදාළව දිවුලපිටියේ පදිංචි මුල්ම කාන්තාව (ඔක්තෝම්බර් 03) ඇයගේ 16 හැවිරිදි දියණිය (ඔක්තෝම්බර් 04) සමග පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන 80 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, මේ වනවිට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 3,259කි. සමස්ත ආසාදිතයින් අතුරින් 13 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 211ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 56ක් බවද සඳහන් වේ.

  1. බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරෙන් ආසාදිතයින් 69ක්
  2. දිවුලපිටියේ ආසාදිතයාගේ 16 හැවිරිදි දියණියටත් කොරෝනා
  3. දිවුලපිටියේ කාන්තාවකට කොරෝනා ආසාදනය වෙයි
Rivira FB Group Rivira Youtube
To Top