(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 05 පස්වරු 10.01ට)
ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ඔක්තෝම්බර් 05 වන සඳුදා පස්වරු 09.30 වනවිට 3,506ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.
දිනය තුළ මෙතෙක් නව ආසාදිතයින් 104ක් වාර්තා වී ඇති අතර එක් අයෙකු සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා. දිනය තුළ වාර්තා වූ නව ආසාදිතයින් පිළිබඳ තොරතුරු මේ වනවිට වාර්තා වී තිබෙනවා.
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්.05 - 101 (පෙරවරුවේ වාර්තා වූ කාර්ය මණ්ඩල සාමාජිකයින් 69, මොනරාගල මැදගම 01, යාපනය වේලනෙයි 01, කුරුණෑගල කටුපොත 02, පස්වරු 08ට නිවේනදනය කළ මිනුවන්ගොඩ 05, පස්වරු 9ට වාර්තා කළ 10 දෙනා අතර මිනුවන්ගොඩ 06, කටාන 02, සීදූව 01, දිවුලපිටිය 01, පස්වරු 9.30ට වාර්තා කළ 13 දෙනා අතර මිනුවන්ගොඩ 07, මීරිගම 03, ජාඇළ 01, දිවුලපිටිය 01, මහර 01)
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි - 02
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි නාවිකයින් - 01
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරට අදාළව දිවුලපිටියේ පදිංචි මුල්ම කාන්තාව (ඔක්තෝම්බර් 03) ඇයගේ 16 හැවිරිදි දියණිය (ඔක්තෝම්බර් 04) සමග පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන 103 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව පැය 48ක කාලය තුළ බ්‍රැන්ඩික්ස් පොකුරේ ආසාදිතයින් ගණන 100 ඉක්මවා තිබෙනවා.
ඒ අනුව, මේ වනවිට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 3,259කි. සමස්ත ආසාදිතයින් අතුරින් 13 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 230ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 56ක් බවද සඳහන් වේ.
Brandix කොරෝනා පොකුරෙන් තවත් 05ක් හඳුනාගනී
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරෙන් ආසාදිතයින් 69ක්
දිවුලපිටියේ ආසාදිතයාගේ 16 හැවිරිදි දියණියටත් කොරෝනා
දිවුලපිටියේ කාන්තාවකට කොරෝනා ආසාදනය වෙයි

