Covid-19

කොරෝනා ගැන අසත්‍ය තොරතුරු බෙදා හැරි පුද්ගලයෙකු අත්අඩංගුවට

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 06 පෙරවරු 09.16ට)

කොවිඩ්-19 වෛරසයෙන් ශ්‍රී ලංකාවට දැඩි බලපෑමක් එල්ල වෙමින් පවතින අවස්ථාවක ජනතාව නොමග යැවීම සඳහා සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදුකළ පුද්ගලයෙකු වැල්ලවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ ඔක්තෝම්බර් 06 දින සඳහන් කළේ එම පුද්ගලයා ඔක්තෝම්බර් 05 දින රාත්‍රීයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයා 60 හැවිරිදි පුද්ගලයෙකු බවත් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවත් නියෝජ්‍ය පොලිස්පත්වරයා සඳහන් කළා. එසේම ව්‍යාජ පුවත් පළ කර මහජනතාව නොමග යැවීමට හෝ මහජනතාව අතර නොසන්සුන්තාවයක් ඇති කිරීමට උත්සාහ දරන පිරිස් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළා.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top