(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 06 පෙරවරු 09.00ට)
ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ඔක්තෝම්බර් 06 වන අඟහරුවාදා පෙරවරු 08.55 වනවිට 3,733ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ දිනය තුළ නව ආසාදිතයින් 220ක් වාර්තා වීමත් සමග යි. ඔවුන් සියලු දෙනාම බ්‍රැන්ඩික්ස් පොකුරට අදාළව හඳුනාගත් ආසාදිතයින් බව යුද හමුදාපති, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළා.
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්.05 - 101 (පෙරවරුවේ වාර්තා වූ කාර්ය මණ්ඩල සාමාජිකයින් 69, මොනරාගල මැදගම 01, යාපනය වේලනෙයි 01, කුරුණෑගල කටුපොත 02, පස්වරු 08ට නිවේනදනය කළ මිනුවන්ගොඩ 05, පස්වරු 9ට වාර්තා කළ 10 දෙනා අතර මිනුවන්ගොඩ 06, කටාන 02, සීදූව 01, දිවුලපිටිය 01, පස්වරු 9.30ට වාර්තා කළ 13 දෙනා අතර මිනුවන්ගොඩ 07, මීරිගම 03, ජාඇළ 01, දිවුලපිටිය 01, මහර 01)
- බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්.06 – 220
ඒ අනුව බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරට අදාළව දිවුලපිටියේ පදිංචි මුල්ම කාන්තාව (ඔක්තෝම්බර් 03) ඇයගේ 16 හැවිරිදි දියණිය (ඔක්තෝම්බර් 04) සමග පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන 323 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව, මේ වනවිට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 3,259කි. සමස්ත ආසාදිතයින් අතුරින් 13 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 461ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 56ක් බවද සඳහන් වේ.
Brandix පොකුරෙන් තවත් 13ක්, සමස්තය 103 දක්වා ඉහළට
Brandix කොරෝනා පොකුරෙන් තවත් 05ක් හඳුනාගනී
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරෙන් ආසාදිතයින් 69ක්
දිවුලපිටියේ ආසාදිතයාගේ 16 හැවිරිදි දියණියටත් කොරෝනා
දිවුලපිටියේ කාන්තාවකට කොරෝනා ආසාදනය වෙයි

