,
Covid-19

දින තුනකට පසු ට්‍රම්ප් ධවල මන්දිරයට !

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 06 පෙරවරු 10.35ට)

පූර්ණ සුවය ලැබීමටත් පෙර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔක්තෝම්බර් 06 වැනි දින ‘වෝල්ටර් රීඩ්’ රෝහලෙන් පිටව ධවල මන්දිරය වෙත පැමිණ තිබෙනවා.

විදෙස් මාධ්‍යයන් වාර්තා කරන පරිදි, තමන් අසනීපයෙන් පසු වුව ද ධවල මන්දිරය ඉදිරියේ දී තම මුඛ ආවරණය ඉවත් කරමින් මාධ්‍ය හමුවේ පෙනී සිට ඇත. මෙම ක්‍රියාව බොහෝ දෙනාගෙ විවේචනයට ලක් වී ඇත අතර විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ එයින් පැමිණ සිටි මාධ්‍යවේදීන්ගේ මෙන්ම ධවල මන්දිරයේ ආරක්ෂක අංශයේ ද ජීවිත අවදානමකට ලක් කළ බවයි. එමෙන්ම, මෙම ක්‍රියාව ‘දේශපාලන රංගනයක්’ බවට බොහෝ දෙනා විවේචනයන් පළ කරයි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ට්විටර් පණිවිඩ නිකුත් කරමින් පවසන්නේ, තමන් ඉතාමත් හොඳ තත්ත්වයේ පසුවන බවත් තමන්ට අවුරුදු 20කට ඉහත දී දැනුණාට වඩා සුවයක් දැනෙන බවයි. එමෙන්ම, කොවිඩ් -19 වෛරසයට තමන්ගේ ජීවිතය පාලනය කිරීමට ඉඩ නොදෙන ලෙසත් එයට බිය නොවෙන ලෙසත් ජනාධිපතිවරයා පවසනවා. එමෙන්ම, තමන් නැවත මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා යොමු වන බව ද ඔහු සඳහන් කරයි.

ඉකුත් ඔක්තෝම්බර් මස 01 වැනි දින රාත්‍රියේ කොවිඩ් – 19 වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ 74 වැනි වියේ පසු වූ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන් අනතුරුව ඔක්තෝම්බර් මස 02 වැනි දින සිකුරාදා පස්වරුවේ වොෂින්ටන් නුවර ආසන්නයේ පිහිටි හමුදා රෝහලක් වන ‘වෝල්ටර් රීඩ්’ හෝටලයට ඇතුළත් කරනු ලැබුවා. ජනාධිපති ට්‍රම්ප්ට ඔක්සිජන් ලබා දී ඇති බවත් අත්හදා බැලීම් මට්ටමේ තිබෙන ප්‍රතිකාර ද කර ඇතැයි ද වාර්තා වේ. නව කොරෝනා වෛරසය සඳහා මේ වනවිට පරීක්ෂණ හා අත්හදා බැලීම් මට්ටමේ පවතින ඖෂධ සාමාන්‍යයෙන් ලබාදෙන්නේ බරපතළ තත්ත්වයේ සිටින රෝගීන්ට ය.

  1. ඇමරිකානු ජනාධිපතිවරයා රෝහල්ගත කරයි
  2. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට හා බිරිඳට කොරෝනා ආසාදනය වෙයි
Rivira Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top