කොවිඩ්-19

විදෙස්ගතව රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 302ක් දිවයිනට

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 06 පෙරවරු 10.54ට)

කොරෝනා වසංගතය හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව විදේශයන්හි රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 302ක් ඔක්තෝම්බර් 06 වැනි දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළින් මෙරටට පැමිණ තිබෙනවා.

එම පැමිණි පිරිසෙන් තුර්කියේ ඉස්තාන්බුල් සිට පුද්ගලයින් 260 දෙනෙකු සහ කටාරයේ සිට 42 දෙනෙකු පැමිණ ඇති බව වාර්තා වේ. ඔවුන් සියලුදෙනා ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබෙනවා.

දැනට ත්‍රිවිධ හමුදාව යටතේ පාලනය කෙරෙන නිරෝධායන මධ්‍යස්ථාන 79ක පුද්ගලයින් 7211 දෙනෙකු නිරෝධායනයට ලක්වෙමින් සිටින බව කොවිඞ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top