(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 06 පෙරවරු 11.17ට)
ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොවිඩ්-19 පොකුරක් වන කන්දකාඩු පුනුරුත්ථාපන හා ප්‍රතිකාර මධ්‍යස්ථානය කේන්ද්‍රකරගත් කොරෝනා පොකුරෙන් වාර්තා වූ සියලු ආසාදිතයින් සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ඔක්තෝම්බර් 06 දින නිවේදනයකින් ප්‍රකාශ කළා.
වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත අනුව එම පොකුරට අදාළව වාර්තා වූ ආසාදිතයින් ගණන 651ක් වූ අතර එම සියලු දෙනා සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.
ඒ අනුව, මේ වනවිට නිකුත් කර ඇති වාර්තා අනුව ශ්‍රී ලංකාවේ දී වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් 3,733න් සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 3,259කි. සමස්ත ආසාදිතයින් අතුරින් 13 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. මේ වනවිට බ්‍රැන්ඩික්ස් ඇඟළුම් ආයතනය කේන්ද්‍රගත වී නව කොරෝනා පොකුරක් නිර්මාණය වී ඇති අතර මෙරට සමස්ත සක්‍රීය ආසාදිතයින් ගණන 461ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා.
කන්දකාඩු පොකුරට අදාළව මුල්වරට ආසාදිතයෙකු හමුවූයේ පසුගිය ජූලි මස 07 වන දින යි. ඒ වැලිකඩ බන්ධනාගාරයේ දී වන අතර එහිදී අනාවරණය වූයේ ඔහු දින කිහිපයකට පෙර කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට මාරු කර එවන ලද බවයි. ඒ අනුව කළ සොයා බැලමක දී කන්ඩකාඩු හී පොකුරක් නිර්මාණය වී ඇති බව අනාවරණය වී තිබුණා.
වැලිකඩ බන්ධනාගාරයෙන් කොරෝනා ආසාදිතයෙකු හමුවෙයි
