(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 06 පෙරවරු 11.59ට)
වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ, වෛද්‍ය ජයරුවන් බණ්ඩාර, ඔක්තෝම්බර් 05 දිනැති ලිපියකින් ධූරයෙන් ඉවත් කර තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්, මේජර් ජෙනරාල්, විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ විසින් එම ඉවත් කිරීම සිදුකර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව, වෛද්‍ය ජයරුවන් බණ්ඩාර, වෛද්‍ය පර්යේෂණ ආයතනයේම නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පත්කර ඇති අතර එම ආයතනයේම නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කළ වෛද්‍ය ප්‍රභාත් අමරසිංහ එහි අධ්‍යක්ෂ ධූරයට පත්කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග වාර්තා කරයි.
වෛද්‍ය ජයරුවන් බණ්ඩාර, අධ්‍යක්ෂධූරයේ කටයුතු කර ඇත්තේ වැඩ බැලීමේ පදනම මත බව පැවසෙන අතර ඔහු කලින් දැරූ ධූරය වෙතම නැවත අනියුක්ත කිරීම සිදුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි. ඒ අනුව, ගුවන් තොටුපළ පරිශ්‍රයේ පිහිටුවා ඇති පර්යේෂණාගාර බාරව කටයුතු කිරීම වෛද්‍ය ජයරුවන් බණ්ඩාර වෙත පවරා ඇතැයි ද වාර්තා වේ.
වෛද්‍ය ජයරුවන් බණ්ඩාර බොහෝ කාලයක සිට ජනමාධ්‍ය ඔස්සේ ජනතාව දැනුවත් කිරීමේ කටයුතු සිදුකළ වෛද්‍යවරයෙකි. එසේම කොරෝනා වසංගතය පැමිණි අවස්ථාවේ සිට ම ඒ සම්බන්ධයෙන් නිරන්තරයෙන් ජනතාව දැනුවත් කිරීමේ කටයුතු ද වෛද්‍ය ජයරුවන් බණ්ඩාර විසින් සිදුකරමින් සිටි අතර හදිසි මාරුවට නිශ්චිත හේතුව කුමක් ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

