(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 06 පස්වරු 01.44ට)
ඔක්තෝම්බර් 06 පස්වරු 06 සිට නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන පරිදි ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබෙනවා.
යුද හමුදාපති, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ ඇඳිරි නීතිය පනවා ඇති සියලු ප්‍රදේශවලට නැවත දැනුම් දෙන තුරු එය ක්‍රියාත්මක බවයි.
මේ වනවිට මිනුවන්ගොඩ, දිවුලපිටිය සහ වේයන්ගොඩ යන පොලිස් බල ප්‍රදේශවලට ද පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

