Covid-19

ආසාදිතයින් 466ක් වාර්තා වීමත් සමග දිනක වැඩිම ගණන වාර්තා වෙයි

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 06 පස්වරු 02.35ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ඔක්තෝම්බර් 06 වන අඟහරුවාදා පස්වරු 02.00 වනවිට 3,979ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. දිනය තුළ මෙතෙක් නව ආසාදිතයින් 466ක් වාර්තා වී ඇති අතර ආසාදිතයින් 07 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.

දිනය තුළ මෙතෙක් වාර්තා වූ ආසාදිතයින් 466, ශ්‍රී ලංකාවේ දිනක දී වාර්තා වූ ඉහළම ආසාදිතයින් ප්‍රමණය යි.

ඒ අනුව, මේ විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 3,266කි. සමස්ත ආසාදිතයින් අතුරින් 13 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 700ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 39ක් බවද සඳහන් වේ.

මේ වන විට සුවය ලබා ඇති ආසාදිතයින්ගේ අනුපාතය 82%ක් ලෙසත් මරණ අනුපාතය 0.32%ක් ලෙසත් වාර්තා වේ.

දිනය තුළ සුවය ලබා රෝහල්වලින් පිට වූ 07 දෙනා පහත රෝහල්වල ප්‍රතිකාර ගෙන සුවය ලබා රෝහල්වලින් පිටවී ඇත.

  • IDH රෝහල – 01
  • වැලිකන්ද මූලික රෝහල – 01
  • හම්බන්තොට රෝහල – 05

මේ වන විට, වාර්තා වූ සමස්ත ආසාදිතයින් 3,979 වර්ගීකරණය කර ඇත්තේ මෙසේය.

  • බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර – 569
  • විදේශයන් හී සිට පැමිණි ලාංකිකයින් – 1,422
  • විදේශයන් හී සිට පැමිණි විදේශිකයින් – 75
  • කන්දකාඩු කොරෝනා පොකුර – 651 (දැනට අක්‍රීයයි)
  • නාවික හමුදා සාමාජිකයින් හා ආශ්‍රිතයින් – 950 (දැනට අක්‍රීයයි)
  • වෙනත් – 313 (දැනට අක්‍රීයයි)

ඒ අනුව, මේ වන විට සිටින සක්‍රීය ආසාදිතයින් 700 අතුරින්,

  • IDH රෝහල – 61
  • වැලිකන්ද මූලික රෝහල – 61
  • මිනුවන්ගොඩ මූලික රෝහල – 49
  • මුල්ලේරියාව මූලික රෝහල – 07
  • ඉරණවිල මූලික රෝහල – 32
  • හම්බන්තොට මහ රෝහල – 24
  • රෝහල් වෙත රැගෙන යමින් – 478

එසේම, කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සම්බන්ධ පුද්ගලයින් 651 දෙනාම මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. ඒ අනුව කන්දකාඩු පොකුර මේ වනවිට අක්‍රීය වී තිබෙනවා.

එමෙන්ම, මේ වන විට ශ්‍රී ලංකාව තුළ සිදුකර ඇති සමස්ත පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 298,501ක් වන අතර ඔක්තෝම්බර් 05 දින පරීක්ෂණ 1,890ක් කළ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරනවා.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top