,
Covid-19

Update: ගම්පහ දිස්ත්‍රික්කයේ ඇඳිරි නීතිය පොලිස් බලප්‍රදේශ 4කට සීමා කරයි

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 06 පස්වරු 03.49ට – යාවත්කාලීන කිරීම පස්වරු 05.00ට)

පොලිස් බලප්‍රදේශ 15කට පැනවූ ඇඳිරි නීතිය නැවතත් පොලිස් බලප්‍රදේශ 4කට සීමා කර තිබෙනවා. පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ඔක්තෝම්බර් 06 පස්වරු 06 සිට නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන පරිදි ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ පොලිස් බලප්‍රදේශයට හා දිවුලපිටිය, මිනුවන්ගොඩ හා වේයන්ගොඩ යන පොලිස් බල ප්‍රදේශවලට පමණක් පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බවයි.

එසේම නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාල සීමාව තුළ එම ප්‍රදේශවලට ඇතුල් වීම හෝ පිටවීම ද සම්පූර්ණයෙන් තහනම් කර තිබෙනවා.

එම නිවේදනය පහතින්.

පස්වරු 03.29ට පළ කළ මුල් වාර්තාව පහතින්.

ඔක්තෝම්බර් 06 පස්වරු 06 සිට නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන පරිදි ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ පොලිස් කොට්ඨාසයට අයත් පොලිස් බල ප්‍රදේශය 12කට පොලිස් ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය මේ බව කියා සිටියා.

ඒ අනුව,

  1. ගම්පහ පොලිස් බලප්‍රදේශය
  2. කිරිඳිවැල පොලිස් බලප්‍රදේශය
  3. දොම්පෙ පොලිස් බලප්‍රදේශය
  4. පූගොඩ පොලිස් බලප්‍රදේශය
  5. ගනේමුල්ල පොලිස් බලප්‍රදේශය
  6. වීරගුල පොලිස් බලප්‍රදේශය
  7. වැලිවේරිය පොලිස් බලප්‍රදේශය
  8. මල්වතුහිරිපිටිය පොලිස් බලප්‍රදේශය
  9. නිට්ටඹුව පොලිස් බලප්‍රදේශය
  10. මීරිගම පොලිස් බලප්‍රදේශය
  11. පල්ලෙවෙල පොලිස් බලප්‍රදේශය
  12. යක්කල පොලිස් බලප්‍රදේශය

යන පොලිස් බලප්‍රදේශ සඳහා ඔක්තෝම්බර් 06 පස්වරු 06 සිට නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

මීට අමතරව, මේ වනවිටත් දිවුලපිටිය පොලිස් බලප්‍රදේශය, මිනුවන්ගොඩ පොලිස් බලප්‍රදේශය හා වේයන්ගොඩ පොලිස් බලප්‍රදේශයට ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ පොලිස් කොට්ඨාසයට අයත් පොලිස් බලප්‍රදේශ 15ක ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට පියවරගෙන ඇත.

Rivira Ads
To Top