කොවිඩ්-19

ජනතාව එක්රැස්වන කටයුතු සිදු නොකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 06 පස්වරු 06.55ට)

මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වූ කොවිඩ් – 19 රෝගීන් හේතුවෙන් ඇති වූ තත්ත්වය පාලනය කිරීමට මහජනතාව එක්රැස් වන කටයුතු සිදු නොකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අවධාරණය කරනු ලබයි.

ඒ අනුව, ප්‍රිය සම්භාෂණ, සම්මන්ත්‍රණ, දේශන, ප්‍රදර්ශන, සංගීත සංදර්ශන, සැණකෙළි, සැමරුම් උත්සව, පෙළපාලි, පෙරහැර හා අත්‍යාවශ්‍ය නොවන රැස්වීම් ආදිය රටේ සියලු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු පැවැත්විය නොහැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

රටේ දැනට පවතින තත්ත්වය අනුව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග වලට මහජනතාව ලෙස වගකීමෙන් කටයුතු කරනු ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය අපේක්ෂා කරන බව දැනුම් දෙයි.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top