(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 06 පස්වරු 06.43ට)
ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ඔක්තෝම්බර් 06 වන අඟහරුවාදා පස්වරු 06.30 වනවිට 4,118ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරට අදාළව තවත් ආසාදිතයින් 139ක් හඳුනාගැනීමත් සමග යි.
ඒ අනුව, දිනය තුළ මෙතෙක් නව ආසාදිතයින් 605ක් වාර්තා වී ඇති අතර ආසාදිතයින් 07 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.
දිනය තුළ වාර්තා වූ ආසාදිතයින් සියලු දෙනාම බ්‍රැන්ඩික්ස් පොකුරට අදාළව හඳුනාගත් ආසාදිතයින් බව යුද හමුදාපති, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළා.
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්.06 – 605 (පෙරවරු 09.00ට වාර්තා කළ ආසාදිතයින් ගණන 220, පස්වරු 01.00ට වාර්තා කළ ආසාදිතයින් 246, පස්වරු 6ට වාර්තා කළ ආසාදිතයින් ගණන 139)
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්.05 - 101 (පෙරවරුවේ වාර්තා වූ කාර්ය මණ්ඩල සාමාජිකයින් 69, මොනරාගල මැදගම 01, යාපනය වේලනෙයි 01, කුරුණෑගල කටුපොත 02, පස්වරු 08ට නිවේනදනය කළ මිනුවන්ගොඩ 05, පස්වරු 9ට වාර්තා කළ 10 දෙනා අතර මිනුවන්ගොඩ 06, කටාන 02, සීදූව 01, දිවුලපිටිය 01, පස්වරු 9.30ට වාර්තා කළ 13 දෙනා අතර මිනුවන්ගොඩ 07, මීරිගම 03, ජාඇළ 01, දිවුලපිටිය 01, මහර 01)
ඒ අනුව බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරට අදාළව දිවුලපිටියේ පදිංචි මුල්ම කාන්තාව (ඔක්තෝම්බර් 03) ඇයගේ 16 හැවිරිදි දියණිය (ඔක්තෝම්බර් 04) සමග පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන 708 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව, මේ වනවිට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 3,266කි. සමස්ත ආසාදිතයින් අතුරින් 13 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 839ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 56ක් බවද සඳහන් වේ.
Brandix පොකුරට අදාළව තවත් ආසාදිතයින් 246ක් හඳුනාගනී
Brandix පොකුරෙන් තවත් 220ක් හඳුනාගනී
Brandix පොකුරෙන් තවත් 13ක්, සමස්තය 103 දක්වා ඉහළට
Brandix කොරෝනා පොකුරෙන් තවත් 05ක් හඳුනාගනී
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරෙන් ආසාදිතයින් 69ක්
දිවුලපිටියේ ආසාදිතයාගේ 16 හැවිරිදි දියණියටත් කොරෝනා
දිවුලපිටියේ කාන්තාවකට කොරෝනා ආසාදනය වෙයි

