(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 07 පෙරවරු 09.35ට)
ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් කොට්ඨාස 3කට අයත් පොලිස් බලප්‍රදේශ 17කට වහාම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබෙනවා.
ඒ අනුව ඔක්තෝම්බර් 07 දින පෙරවරු 07.15 සිට නැවත දැනුම් දෙනතුරු ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ පොලිස් කොට්ඨාසයේ පොලිස් බලප්‍රදේශ 14කට, කැළණිය පොලිස් කොට්ඨාසයේ පොලිස් බලප්‍රදේශ 02කට හා මීගමුව පොලිස් කොට්ඨාසයේ පොලිස් බලප්‍රදේශයකට නිරෝධයන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරනවා.
එසේම නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාල සීමාව තුළ එම ප්‍රදේශවලට ඇතුල් වීම හෝ පිටවීම ද සම්පූර්ණයෙන් තහනම් කර තිබෙනවා.
නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශ පහතින්,
ගම්පහ පොලිස් කොට්ඨාසය
- ගම්පහ පොලිස් බලප‍්‍රදේශය
- කිරිඳිවැල පොලිස් බලප‍්‍රදේශය
- දොම්පෙ පොලිස් බලප‍්‍රදේශය
- පූගොඩ පොලිස් බලප‍්‍රදේශය
- ගනේමුල්ල පොලිස් බලප‍්‍රදේශය
- වීරගුල පොලිස් බලප‍්‍රදේශය
- වැලිවේරිය පොලිස් බලප‍්‍රදේශය
- මල්වතුහිරිපිටිය පොලිස් බලප‍්‍රදේශය
- නිට්ටඹුව පොලිස් බලප‍්‍රදේශය
- මීරිගම පොලිස් බලප‍්‍රදේශය
- පල්ලෙවෙල පොලිස් බලප‍්‍රදේශය
- යක්කල පොලිස් බලප‍්‍රදේශය
- මිනුවන්ගොඩ පොලිස් බලප‍්‍රදේශය
- වේයන්ගොඩ පොලිස් බලප‍්‍රදේශය
මීගමුව පොලිස් කොට්ඨාසය
15. දිවුලපිටිය පොලිස් බලප‍්‍රදේශය
කැළණිය පොලිස් කොට්ඨාසය
16. ජාඇළ පොලිස් බලප‍්‍රදේශය
17. කඳාන පොලිස් බලප‍්‍රදේශය

