කොවිඩ්-19

වැඩිම පීසීආර් ගණන සහ වැඩිම ආසාදිතයින් ගණන ඔක්තෝම්බර් 06 දින වාර්තා වෙයි

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 07 පෙරවරු 11.00ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ඔක්තෝම්බර් 07 වන බදාදා පෙරවරු 10.30 වනවිට 4,252ක් ලෙස සටහන් වී තිබෙනවා.

එසේම, මේ වනවිට ශ්‍රී ලංකාව තුළ සිදුකර ඇති සමස්ත පීසීආර් පරීක්ෂණ ගණන 300,000 සීමාව පසු කර තිබෙනවා. ඔක්තෝම්බර් 07 පෙරවරු 10.30 වනවිට සිදුකර ඇති සමස්ත පීසීආර් පරීක්ෂණ ගණන 303,381ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරනවා.

එසේම, මෙතෙක් ඉතිහාසයේ දෛනිකව සිදුකර ඇති පීසීආර් අතරින් වැඩිම පරීක්ෂණ ගණනක් සිදුකර ඇත්තේ ඔක්තෝම්බර් 06 දින යි. එදින සමස්ත පීසීආර් පරීක්ෂණ 4,880ක් සිදුකර ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසන අතර එදින නව ආසාදිතයින් 739ක් හඳුනාගෙන තිබෙනවා. එය දෛනිකව වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණන යි.

Rivira FB Group Rivira Youtube
To Top