,
Covid-19

මිනුවන්ගොඩ Brandix හී සියලු සේවකයන් නිරෝධායනය වීම අත්‍යාවශ්‍යයි

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 07 පස්වරු 12.06ට)

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කළ සියළුම සේවකයින් නිරෝධායනයට ලක් වීම අත්‍යාවශ්‍ය බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසයි.

“අලුතින් හඳුනාගත් කොවිඩ් රෝග පොකුර තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ජනතාවගෙන් විශාල දායකත්වයක් තියෙන්න ඕනේ, හැකිතරම් අවම ලෙස සමාජයට පැමිණෙන්න, හැකිතාක් නිවසට වී සිටින්න, අත්‍යාවශ්‍ය කරුණක් විතරක් සමාජයට පැමිණෙන්න, අනවශ්‍ය ලෙස ඒකරාශීවීම්, රැස්වීම් පැවැත්වීම, ප්‍රියසම්භාෂණ පැවැත්වීම, සැණකෙළි පැවැත්වීමට යන්න එපා. තමන්ගේ නිවසට වී අත්‍යවශ්‍ය දේ පමණක් කරන්න.“ යනුවෙන් වෛද්‍ය සුදත් සමරවීර පැවසීය.

“ඉතාමත්ම වැදගත් දේ තමයි මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවය කරන තමුන්ගේ ගම්වලට ගොස් සිටින සියළුමදෙනා නිරෝධායනයට ලක්විය යුතුයි. ඔවුන් සහ ඔවුන්ගේ නිවෙස්වල ජීවත්වන කිසිදු පුද්ගලයෙක් තමුන්ගේ නිවෙස්වලින් එළියට යන්නේ නැතුව තමුන්ගේ නිවසේම නිරෝධායනය වෙලා ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන්ට ඉක්මනින් දැනුම් දෙන්න, ඔවුන්ව හඳුනාගෙන පරික්ෂාකරලා PCR පරික්ෂණ කරලා, ඔවුන් අතර රෝගීන් ඉන්නවාද කියලා හඳුනාගෙන ඔවුන්ට ප්‍රතිකාර ලබාදීමටත් අනෙක් පිරිස නිරෝධායනය කිරීමටත් කටයුතු කළ යුතුයි,“ යනුවෙන් වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කළේ ය.

Rivira Ads
To Top