දේශීය පුවත්

පොලිස් මාධ්‍ය ප්‍රකාශකධූරයෙන් ජාලිය ඉවතට, අජිත් රෝහණ ධූරයට

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 07 පස්වරු 01.55ට)

ශ්‍රී ලංකා පොලීසියේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, නීතිඥ ජාලිය සේනාරත්න ඉවත් කර නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ පත් කර තිබෙනවා.

නීතිඥ අජිත් රෝහණ, මීට පෙර අවස්ථා කිහිපයක දී ම පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළ අතර පොලිස් නීති කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ද කටයුතු කරයි.

රියාජ් බදුර්දීන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් හේතුවෙන් නීතිඥ ජාලිය සේනාරත්න ආන්දෝළනාත්මක තත්වයකට පත් වූ අතර මුලින් කළ ප්‍රකාශයක් හා පසුව කළ ප්‍රකාශයක් අතර පරස්පරතාවයක් ඇති වීම ඊට හේතුවයි. එය විෂයභාර රාජ්‍ය ඇමතිවරයා වූ චමල් රාජපක්ෂගේ ද දෝෂදර්ශනයට ලක් විය.

Rivira FB Group Rivira Youtube
To Top