(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 07 පස්වරු 02.06ට)
ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ඔක්තෝම්බර් 07 වන බදාදා පස්වරු 01.50 වනවිට 4,442ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරට අදාළව තවත් ආසාදිතයින් 190ක් හඳුනාගැනීමත් සමග යි.
ඒ අනුව, දිනය තුළ මෙතෙක් නව ආසාදිතයින් 190ක් වාර්තා වී ඇති අතර ආසාදිතයින් 08 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා. හඳුනාගත් ආසාදිතයින් 190 දෙනාම බ්‍රැන්ඩික්ස් පොකුරට අදාළව හඳුනාගත් අය බව යුද හමුදාපතිවරයා සඳහන් කළා.
ඒ අනුව, බ්‍රැන්ඩික්ස් පොකුර මෙරට විශාලතම කොරෝනා පොකුර බවට පත් වී තිබෙනවා.
බ්‍රැන්ඩික්ස් පොකුරට අදාළව මෙතෙක් වාර්තා වූ ආසාදිතයින් මෙසේ ය.
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 07 – 190 (පෙරවරු 01.50ට වාර්තා කළ ආසාදිතයින් 190)
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 06 – 729
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 05 - 101
ඒ අනුව බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරට අදාළව දිවුලපිටියේ පදිංචි මුල්ම කාන්තාව (ඔක්තෝම්බර් 03) ඇයගේ 16 හැවිරිදි දියණිය (ඔක්තෝම්බර් 04) සමග පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන 1,022 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව, මේ වනවිට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 3,274කි. සමස්ත ආසාදිතයින් අතුරින් 13 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 1,155ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 201ක් බවද සඳහන් වේ.
Brandix පොකුරට අදාළව තවත් ආසාදිතයින් 124ක්
Brandix පොකුරට අදාළව තවත් ආසාදිතයින් 139ක් හඳුනාගනී
Brandix පොකුරට අදාළව තවත් ආසාදිතයින් 246ක් හඳුනාගනී
Brandix පොකුරෙන් තවත් 220ක් හඳුනාගනී
Brandix පොකුරෙන් තවත් 13ක්, සමස්තය 103 දක්වා ඉහළට
Brandix කොරෝනා පොකුරෙන් තවත් 05ක් හඳුනාගනී
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරෙන් ආසාදිතයින් 69ක්
දිවුලපිටියේ ආසාදිතයාගේ 16 හැවිරිදි දියණියටත් කොරෝනා
දිවුලපිටියේ කාන්තාවකට කොරෝනා ආසාදනය වෙයි

