කොවිඩ්-19

Update: රාගම රෝහලෙන් පැන්න කොවිඩ්-19 ආසාදිතයා අල්ලයි

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 07 පස්වරු 04.45ට – යාවත්කාලීන කිරීම පස්වරු 05.00ට)

Updated: රාගම රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටිය දී රෝහලෙන් පැනගොස් සිටි පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි පුද්ගලයා සොයාගෙන නැවතත් රෝහල්ගත කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මීට සුළු මොහොතකට පෙර සඳහන් කළා.

කෙසේ වෙතත් පැනගිය පුද්ගලයා සොයා ගැනීමට මහජන සහය පැතීමට ද පොලීසියට සිදු විය.

මුල් පුවත පහතින්.

රාගම රෝහලේ කොවිඩ් 19 වෛරසය වැළඳී ඇතැයි සැක සහිතව ප්‍රථිකාර ලබමින් සිටි පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ඔක්තෝම්බර් 06 රාත්‍රියේ රෝහලෙන් පැන ගොස් ඇති බැවින් ඔහු සොයා ගැනීමට මහජන සහය පතන බව නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.

මේ වනවිට අදාළ පුද්ගලයාට කොවිඩ්-19 වෛරසය ආසාදිත බව තහවුරු වී ඇති අතර, අංක 307, නුවර පාර, පෑලියගොඩ ලිපිනයේ පදිංචි රාජවාසලදේආලලාගේ දොන් සරත් කුමාර නැමැති 62 හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය පවසනවා.

ඔහු දුටුවොත් හෝ අවසන් වරට දුටු ස්ථානයක් පිළිබඳ තොරතුරු දන්නා අයෙකුට 119 හෝ ඕනෑම පොලිස් ස්ථානයක් වෙත තොරතුරු ලබා දිය හැකියි.

මෙම රෝගය සම්බන්ධයෙන් කරුණු සැඟවීමට උත්සහකරන පුද්ගලයින්ට එරෙහිව අපරාධ නීතිය සහ නිරෝධායන නීති යටතේ නීතිමය පියවර ගන්නා බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ සඳහන් කළා.

එසේම, කොවිඩ්-19 රෝග ලක්ෂණ තිබෙන පුද්ගලයෙකුට සැඟවීමට හෝ නවතැන් ගැනීමට ඉඩදෙන ඕනෑම අයෙකු සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බව ද පොලීසිය සඳහන් කළා.

Rivira FB Group Rivira Youtube
To Top