කොවිඩ්-19

වැලිසරිනුත් ආසාදිතයෙක්, කොරෝනා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සිට වැලිසර ශාඛාවටත් යයි

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 07 පස්වරු 05.51ට)

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟළුම් ආයතනය කේන්ද්‍ර කරගනිමින් ඇති වී ඇති කොරෝනා පොකුරට අදාළව තවත් ආසාදිතයෙකු වැලිසර බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් වාර්තා වී තිබෙනවා.

ඒ වැලිසර බ්‍රැන්ඩික්ස් ආයතනයේ පුද්ගලයින් 93 දෙනෙකු සම්බන්ධයෙන් සිදුකළ පිසීආර් පරීක්ෂණයක ප්‍රතිඵල අනුව යි. ඒ අනුව, එම 93 දෙනා අතරින් අයෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

මේ වනවිට බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරට අදාළව සමස්ත ආසාදිතයින් 1,022ක් වාර්තා වී තිබෙනවා.

Brandix පොකුරට අදාළව තවත් ආසාදිතයින් 190ක්

Rivira FB Group Rivira Youtube
To Top