කොවිඩ්-19

Brandix පොකුරට අදාළව තවත් ආසාදිතයින් 06ක්

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 07 පස්වරු 06.11ට)

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟළුම් ආයතනය කේන්ද්‍ර කරගනිමින් ඇති වී ඇති කොරෝනා පොකුරට අදාළව තවත් ආසාදිතයෙකු කටුනායක ගුවන්තොටුපොලෙන් වාර්තා වී තිබෙනවා.

මේ අතර එම පොකුරට අදාළව නව ආසාදිතයින් 06 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අතර, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයින් 04ක්, වැලිසර බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයෙක් හා කටුනායක ගුවන් තොටුපොළෙන් හඳුනාගත් ගුවන් තොටුපළ පිරිසිඳු කිරීම් අංශයේ සේවිකාව ද ඇතුළත් වේ.

මේ වනවිට බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරට අදාළව සමස්ත ආසාදිතයින් 1,028ක් වාර්තා වී තිබෙනවා.

Rivira FB Group Rivira Youtube
To Top