(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 07 පස්වරු 08.03ට)
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් ආයතනයේ සේවකයින්ගේ ආශ්‍රිතයින් පිරිසක් නිරෝධායනය සඳහා වැලිකන්ද, ගල්කන්ද නිරෝධයන මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් ඇති අතර එයින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඔක්තෝම්බර් 07 දින මෙම පිරිසක රැගෙන ගොස් ඇති අතර මිය ගොස් ඇත්තේ ගම්පහ, යක්කල, වරාපලාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 60-70 අතර වියේ පසුවන සිව් දරු මවකි. කෙසේ වෙතත්, බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවිකාවක් වන, අදාළ කාන්තාවගේ දියණිය ආසාදිතයෙකු බව තහවුරු වී තිබෙන අතර මිය ගිය කාන්තාවට වෛරසය ආසාදනය වී ඇත්දැයි යන්න මෙතෙක් හෙළිදරව් වී නොමැති බව සෞඛ්‍ය අංශ පවසනවා.
අදාළ කාන්තාව නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුළත් කර සුළු වේලාවක් තුළ මියගොස් ඇති බව වාර්තාවන අතර සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා යොමු කිරීමට පියවරගෙන ඇත. එමගින් මරණයට හේතුව අනාවරණය කරගත හැකි බව සෞඛ්‍ය අංශ පවසනවා.

