(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 08 පෙරවරු 10.25ට)
ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ඔක්තෝම්බර් 08 වන බ්‍රහස්පතින්දා පෙරවරු 10.00 වනවිට 4,459ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, ඔක්තෝම්බර් 07 දිනය තුළ නව ආසාදිතයින් 207ක් වාර්තා වී ඇති අතර ආසාදිතයින් 08 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.
හඳුනාගත් ආසාදිතයින්ගෙන් 202ක් බ්‍රැන්ඩික්ස් පොකුරට අදාළව හඳුනාගත් අය වන අතර අනෙක් 05 දෙනා අතර රුසියාවේ සිට පැමිණි 03ක් සහ ඉන්දීය ජාතික නාවිකයින් 02ක් සිටින බව යුද හමුදාපතිවරයා සඳහන් කළා.
මේ අතර, බ්‍රැන්ඩික්ස් පොකුරට අදාළව මේ දක්වා හඳුනාගත් ආසාදිතයින් අතර 16 දෙනෙකු දැනට ඇඳිරි නීතිය පනවා නැති දිවයිනේ විවිද ප්‍රදේශවලින් වාර්තා වී ඇති බව යුද හමුදාපතිවරයා සඳහන් කළා.
බ්‍රැන්ඩික්ස් පොකුරට අදාළව මෙතෙක් වාර්තා වූ ආසාදිතයින් මෙසේ ය.
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 07 – 202 (පෙරවරු 01.50ට වාර්තා කළ ආසාදිතයින් 190, පස්වරු 6ට වාර්තා කළ ආසාදිතයින් 06, පස්වරු 07.40ට වාර්තා කළ ආසාදිතයින් 06)
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 06 – 729
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 05 - 101
ඒ අනුව බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරට අදාළව දිවුලපිටියේ පදිංචි මුල්ම කාන්තාව (ඔක්තෝම්බර් 03) ඇයගේ 16 හැවිරිදි දියණිය (ඔක්තෝම්බර් 04) සමග පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන 1,034 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව, මේ වනවිට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 3,274කි. සමස්ත ආසාදිතයින් අතුරින් 13 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 1,172ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 201ක් බවද සඳහන් වේ.
නිරෝධායනයට ගෙන යමින් සිටි ආසාදිතයෙකුගේ මවක් මිය යයි
Brandix පොකුරට අදාළව තවත් ආසාදිතයින් 06ක්
Brandix වැලිසරිනුත් ආසාදිතයෙක්
Brandix පොකුරට අදාළව තවත් ආසාදිතයින් 124ක්
Brandix පොකුරට අදාළව තවත් ආසාදිතයින් 139ක් හඳුනාගනී
Brandix පොකුරට අදාළව තවත් ආසාදිතයින් 246ක් හඳුනාගනී
Brandix පොකුරෙන් තවත් 220ක් හඳුනාගනී
Brandix පොකුරෙන් තවත් 13ක්, සමස්තය 103 දක්වා ඉහළට
Brandix කොරෝනා පොකුරෙන් තවත් 05ක් හඳුනාගනී
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරෙන් ආසාදිතයින් 69ක්
දිවුලපිටියේ ආසාදිතයාගේ 16 හැවිරිදි දියණියටත් කොරෝනා
දිවුලපිටියේ කාන්තාවකට කොරෝනා ආසාදනය වෙයි

