කොවිඩ්-19

විදේශ සබඳතා අමාත්‍යාංශයේ එක් අංශයක සේවා සැපයීම තාවකාලිකව අත්හිටුවයි

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 08 පෙරවරු 10.36ට)

විදේශ සබඳතා අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය විසින් සපයනු ලබන සේවාවන් ඔක්තෝම්බර් 08 හා 09 යන දෙදින තුළ දී තාවකාලිකව අත්හිටුවා ඇති බව එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවත් එම නිවේදනයෙන් පෙන්වා දෙයි.

ඒ අනුව, සෙලින්කෝ ගොඩනැගිල්ලේ පිහිටා ඇති කොන්සියුලර් කටයුතු අංශය අමුත්තන් සඳහා වසා දමා තිබෙනවා.

කෙසේ වෙතත්, විදේශයන්හි ශ‍්‍රී ලාංකිකයින්ගේ මරණ පිළිබඳ විමසීම්, මරණ සම්බන්ධ ලියකියවිලි සඳහා සහය සහ අපනයන ලේඛන සහතික කිරීම සම්බන්ධ විමසීම් පමණක් කළින් වේලාව වෙන්කර ගැනීමේ පදනම මත භාරගන්නා බව විදේශ සබඳතා අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඒ සදහා, පහත සඳහන් හදිසි ඇමතුම් අංක ඔස්සේ වේලාව වෙන්කරගත හැකියි.

විදේශයන්හි සිදුවන මරණ පිළිබද 011 233 88 36 හෝ 011 233 59 42 යන දුරකතනවලට ද අපනයන ලේඛන සහතික කිරීම සදහා 011 233 88 12 දුරකතන අංකයට ද අමතා වේලාවක් වෙන් කර ගත යුතු බව විදේශ සබඳතා අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කරයි.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top