,
Covid-19

මෙරට ජනගහණය මිලියනයකට ආසාදිතයින් 208ක්, ඔක්තෝම්බර් 07 පීසීආර් 5,000 ඉක්මවයි

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 08 පස්වරු 12.19ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ඔක්තෝම්බර් 08 වන බ්‍රහස්පතින්දා පස්වරු 12.00 වනවිට 4,459ක් ලෙස සටහන් වී තිබෙනවා. ඒ අනුව, එම ප්‍රමාණය ශ්‍රී ලංකාවේ ජනගහණය මිලියනයකට සාපේක්ෂක 208ක් පමණ වේ. එනම් ජනගහණය සෑම මිලියනයකටම ආසාදිතයින් 208 දෙනෙකු පමණ සිටී.

එසේම, මේ වනවිට ශ්‍රී ලංකාව තුළ සිදුකර ඇති සමස්ත පීසීආර් පරීක්ෂණ ගණන ඔක්තෝම්බර් 08 පස්වරු 12.00 වනවිට 308,969ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරනවා. මේ වන විට ජනගහණය මිලියනයකට සාපේක්ෂව සිදුකර ඇති පීසීආර් පරීක්ෂණ ගණන 14,438ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එසේම, මෙතෙක් ඉතිහාසයේ දෛනිකව සිදුකර ඇති පීසීආර් අතරින් වැඩිම පරීක්ෂණ ගණනක් සිදුකර ඇත්තේ ද ඔක්තෝම්බර් 07 දින යි. එදින සමස්ත පීසීආර් පරීක්ෂණ 5,609ක් සිදුකර ඇති අතර ඊට පෙර දිනයේ සිදුකළ පරීක්ෂණ ගණන 4,880ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි. ඔක්තෝම්බර් 07 දිනය තුළ නව ආසාදිතයින් 207ක් හඳුනාගෙන තිබෙනවා.

Rivira Ads
To Top