කොවිඩ්-19

ICBT ආයතනයේ සිසුවෙකුට කොරෝනා ආසාදිත බව හඳුනාගනී

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 08 පස්වරු 02.34ට)

ඔක්තෝම්බර් මස 4 වන දින කොළඹ ICBT කැම්පස් වෙත පැමිණි ශිෂ්‍යයෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව එම සරසවිය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

මේ වනවිට අදාළ ශිෂ්‍යයා ප්‍රතිකාර සඳහා යොමුකර ඇති අතර ඔහු සහභාගී වන පන්තියේ සියලු සිසුන් හඳුනාගෙන ඔවුන් දැනුවත් කළ බව එම ආයතනය පවසනවා. එසේම රජයේ සියලු රෙගුලාසි අනුව කටයුතු කිරීමට ද තම ආයතනය පියවරගෙන ඇති බව එම ආයතනය පවසනවා.

මීට අමතරව, යම් හෙයකින් ඔක්තෝම්බර් 04 දින එම ආයතනයට පැමිණි අයෙක් වේ නම් වහාම රජයේ රෙගුලාසි පිළිපදින ලෙස ද එම ආයතනය ඉල්ලා සිටිනවා.

Rivira FB Group Rivira Youtube
To Top