(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 08 පස්වරු 03.16ට)
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරට අදාළ ආසාදිතයෙකුගේ මවක් නිරෝධායනයට ගෙන යමින් සිටිය දී ඔක්තෝම්බර් 07 පස්වරුවේ දී ගල්කන්ද නිරෝධායන මධයස්ථානයේ දී මියගොස් තිබුණි.
ගම්පහ, ගම්පහ, යක්කල, වරාපලාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 60-70 අතර වියේ පසුවන සිව් දරු මව මියගොස් ඇත්තේ හෘදයාබාධයකින් බව යුද හමුදාපති, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළා.
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය අසළ දී දැඩි ලෙස රෝගාතුර වූ බව කියන අදාළ කාන්තාවට ලබාදිය යුතු සියලු වෛද්‍යාධාර ලබා දීමට සෞඛ්‍ය අංශ කටයුතු කළ ද අදාළ කාන්තාව මියගොස් ඇති බව යුද හමුදාපතිවරයා පවසනවා.
නිරෝධායනයට ගෙන යමින් සිටි ආසාදිතයෙකුගේ මවක් මිය යයි

