(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 08 පස්වරු 04.33ට)
කොළඹ 07 ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ ශිෂ්‍යාවකගේ මවකට කොවිඩ්-19 වෛරසය ආසාදිත බව තහවුරු වී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම විද්‍යාලය පවසනවා. ඒ අනුව අදාළ ශිෂ්‍යාව සහ පවුලේ අය නිරෝධායනයට ලක් කර ඇති බව ද එම නිවේදනයේ සඳහන්.
මේ වනවිට අදාළ ශිෂ්‍යයාව සහ පවුලේ අයගේ පීසීආර් පරීක්ෂණ වාර්තා ලැබීමට නියමිත අතර පාසැල කොරෝනා වෛරසයේ පැතිරීම වැළැක්වීමට ගත යුතු සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව පවසනවා.
එසේම, අදාළ ශිෂ්‍යාවට වෛරසය ආසාදනය වී ඇති වුවහොත් ඒ සම්බන්ධයෙන් දැනුම් දෙන බවත් අවශ්‍ය පියවර ගන්නා බවත් පවසන විද්‍යාලය ඉල්ලා සිටින්නේ එතෙක් විමසිලිමත්ව සිටින ලෙසයි.

