(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 08 පස්වරු 05.33ට)
කොවිඩ්-19 වසංගත තත්වය හේතුවෙන් මුස්ලිම් බැතිමතුන්ගේ දේව මෙහෙයන් පැවැත්වීම සම්බන්ධයෙන් රජයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
බුද්ධශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යංශය මගින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් මුස්ලිම් බැතිමතුන්ගේ යාඥාවන් සඳහා ලබා දී ඇති උපදෙස්වලට අනුව ක්‍රියාකිරීම අපේක්ෂා කරන බවයි.
මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ සෞඛ්‍ය අංශ ලබාදුන් උපදෙස් අනුව ශ්‍රී ලංකා වක්ෆ්ස් මණ්ඩලය පහත තීරණ ගෙන ඇති බවයි.
ඒ අනුව, පස්වරක් යාඥා කිරීම් සහ ජුම්මා යාඥා කිරීම් පහත සඳහන් කොන්දේසිවලට යටත්ව සිදුකළ යුතු යි.
ඒ අනුව, ධාරිතාව 100ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ඇති මුස්ලිම් දේවස්ථානයක වරකට 50 දෙනෙකුට යාඥා කළ හැකි බව එහි සඳහන්. එසේම ධාරිතාව 100ට අඩු දේවස්ථානවල එහි ධාරිතාවයෙන් 50%ක ප්‍රමාණයකට යාඥා කළ හැකි බව එම නිවේදනයේ සඳහන්.
මීට අමතරව, පනවා ඇති සියලුම සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම අනිවාර්ය බව එම නිවේදනයේ දැක්වේ. ඒ අනුව දේවස්ථානයකට ඇතුල් වන ස්ථානයේ දී අනන්‍යතාවය සටහන් කිරීම, අත් සේදීම, සෑම අවස්ථාවක දී ම සෞඛ්‍ය මුහුණු ආවරණයක් පැළඳීම, මීටරයක පරතරය තබා ගැනීම සහ යාඥා කිරීම සඳහා අතුරනයක් භාවිතා කිරීම අනිවාර්ය බව එම නිවේදනයේ දැක්වෙනවා.
එසේම, නැවත දැනුම් දෙන තුරු සංචරණ සීමා පනවා ඇති ප්‍රදේශවල ඇති මුස්ලිම් දේවස්ථාන ද වසා තැබිය යුතු බව එම නිවේදනයේ සඳහන්.
එසේම ලබා දී ඇති උපදෙස් නිසි පරිදි පිළිපැදීම ප්‍රායෝගික නොවන බව දේවස්ථාන භාරකරු විශ්වාස කරන්නේ නම් දේව මෙහෙයන් නොපැවැත්වීමට ඔවුන්ට පූර්ණ බලයක් ඇති බව ද එම නිවේදනයේ සඳහන් කර තිබෙනවා.
මෙම නියෝග කඩ කරන දේවස්ථාන භාරකරුවන් සම්බන්ධයෙන් වක්ෆ්ස් පනතින් හා නිරෝධායන රෙගුලාසිවලට අනුව දැඩි පියවර ගන්නා බව ද එම නිවේදනයෙන් වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.


