කොවිඩ්-19

මෙරට සමස්ත ආසාදිතයින්ගෙන් පහෙන් එකක් Brandix පොකුරෙන්

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 08 පස්වරු 08.27ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ඔක්තෝම්බර් 08 වන බ්‍රහස්පතින්දා පස්වරු 08.00 වනවිට 4,469ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, දිනය තුළ නව ආසාදිතයින් 10ක් වාර්තා වී ඇති අතර ආසාදිතයින් 04 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.

හඳුනාගත් ආසාදිතයින් 10 දෙනාම මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරට අදාළ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපතිවරයා සඳහන් කළා.

බ්‍රැන්ඩික්ස් පොකුරට අදාළව මෙතෙක් වාර්තා වූ ආසාදිතයින් මෙසේ ය.

  • බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 08 – 10 (පස්වරු 06.30ට වාර්තා කළ ආසාදිතයින් 10)
  • බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 07 – 202 
  • බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 06 – 729 
  • බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 05 - 101
  • දිවුලපිටිය කාන්තාවගේ දියණිය ඔක්. 04 - 01
  • දිවුලපිටිය කාන්තාව ඔක්. 03 - 01 

ඒ අනුව බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන 1,044 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, මෙරට සමස්ත ආසාදිතයින් ප්‍රමාණයෙන් (1/5ක්), පහෙන් එකකට වැඩි පිරිසක් බ්‍රැන්ඩික්ස් පොකුරෙන් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව, මේ වනවිට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 3,274කි. සමස්ත ආසාදිතයින් අතුරින් 13 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 1,172ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 201ක් බවද සඳහන් වේ.

  1. නිරෝධායනයට ගෙන ගිය කාන්තාව මිය ගියේ හෘදයාබාධායකින්
  2. නිරෝධායනයට ගෙන යමින් සිටි ආසාදිතයෙකුගේ මවක් මිය යයි
  3. Brandix පොකුරට අදාළව තවත් ආසාදිතයින් 06ක්
  4. Brandix වැලිසරිනුත් ආසාදිතයෙක්
  5. Brandix පොකුරට අදාළව තවත් ආසාදිතයින් 124ක්
  6. Brandix පොකුරට අදාළව තවත් ආසාදිතයින් 139ක් හඳුනාගනී
  7. Brandix පොකුරට අදාළව තවත් ආසාදිතයින් 246ක් හඳුනාගනී
  8. Brandix පොකුරෙන් තවත් 220ක් හඳුනාගනී
  9. Brandix පොකුරෙන් තවත් 13ක්, සමස්තය 103 දක්වා ඉහළට
  10. Brandix කොරෝනා පොකුරෙන් තවත් 05ක් හඳුනාගනී
  11. බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරෙන් ආසාදිතයින් 69ක්
  12. දිවුලපිටියේ ආසාදිතයාගේ 16 හැවිරිදි දියණියටත් කොරෝනා
  13. දිවුලපිටියේ කාන්තාවකට කොරෝනා ආසාදනය වෙයි
Rivira FB Group Rivira Youtube
To Top