(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 08 පස්වරු 08.49ට)
රටෙහි උද්ගත වී ඇති වත්මන් තත්ත්වය හමුවේ මේ වන විට ප්‍රදේශ කිහිපයක ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීම හේතුවෙන් ජනතාව වෙත අත්‍යවශ්‍යය ද්‍රව්‍ය සාධාරණ මිලකට බෙදා හරින්නේ කෙසේ ද යන්න පිළිබඳව සාකච්ඡාවක් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් හා පාරිභෝගික භාණ්ඩ සඳහා පැවරී ඇති රජයේ ආයතන රැසක සහභාගීත්වයෙන් ඔක්තෝම්බර් 08 වැනි දින වෙළඳ අමාත්‍යාංශයේ පැවැත්විණි.
මෙම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්, වෙළඳ අමාත්‍යවරයා “ඇඳිරි නීතිය බලපැවැත්වෙන ප්‍රදේශවලට අත්‍යාවශ්‍ය පරිභෝජන භාණ්ඩ සාධාරණ මිලකට බෙදා හරින්නේ කෙසේ ද යන්න පිළිබඳව සාකච්ඡාවක් පැවැත්වුවා. ඒ අනුව, හෙට දින සිට ගම්පහ දිස්ත්‍රික්කයේ සියළුම සතොස අලෙවිසැල්, සමූපකාර ප්‍රාදේශික සහ ආර්ථික මධ්‍යස්ථාන සියල්ල විවෘත වෙනවා. වැලිසර ආර්ථික මධ්‍යස්ථානය ද ඒ අනුව විවෘත වෙනවා.
ඒ ස්ථාන වලින් භාණ්ඩ බෙදා හැරීම සඳහා ඒ ඒ ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම්වරුන් සහ පළාත්පාලන ආයතනවල මහජන නියෝජිතයන් ඒකාබද්ධව වැඩපිළිවෙලක් සකස් කර ගත යුතුයි. අපි හිගයකින් තොරව ඒ ඒ ප්‍රදේශවල සතොස අලෙවිසැල් සමූපකාර සමිතිවලට අත්‍යාවශ්‍ය පරිභෝජන භාණ්ඩ ටික අඛණ්ඩව ලබා දීමට උත්සහ දරනවා.
ඊට අමතරව, ධීවර සංස්ථාව ජංගම සේවා මඟින් මාළු අලෙවි කිරිමත්, පොල් සංවර්ධන මණ්ඩලය පොල් අලෙවි කිරීමත්, ජාතික කිරි මණ්ඩලයෙන් කිරි ආශ්‍රිත නිෂ්පාදන අලෙවි කිරීමටත් එකඟතාවය ඇති කරගත්තා” යැයි පැවසුවා.

