(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 09 පෙරවරු 11.25ට)
2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය සඳහා මේ වන තෙක් ප්‍රවේශපත් නොලැබුණු අයදුම්කරුවන් හට අදාළ ප්‍රවේශපත්‍රය සිය ජාතික හැඳුනුම්පත් අංකය භාවිතා කර විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.donets.lk වෙත පිවිස http://www.slexams.com/ ඔස්සේ බාගත හැකි බව නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත සඳහන් කරයි.
මේ අතර, කොවිඩ් 19 වෛරසයේ ව්‍යප්තිය හේතුවෙන් විභාග මාධ්‍යස්ථානයන් හි පහසුකම් සැපයීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීම සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සම්බන්ධ වී විභාග මධ්‍යස්ථාන පරිශ්‍රය තුළ විෂබීජහරණ කටයුතු හා අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද ක්‍රියාත්මක කිරීමට ඒ ඒ විභාග මධ්‍යස්ථානවලට විදුහල්පති හෝ නියෝජ්‍ය විදුහල්පති හෝ ජ්‍යෙෂ්ඨ ගුරුවරයෙකු අතිරේක ශාලාධිපති (ස්ථානභාර) ලෙස පත් කර තිබෙනවා.
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය ඔක්තොබර් මස 12 වන දින සිට නොවැම්බර් මස 06 වන දා දක්වා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2684ක දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර ඒ සඳහා අයදුම්කරුවන් 362,824 දෙනෙකු අයදුම් කර ඇති බව ද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

