විදේශ

දකුණු කොරියාවේ මහල් 33කින් යුත් ගොඩනැගිල්ලක ගින්නක්

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 09 පස්වරු 01.02ට)

දකුණු කොරියාවේ මහල් 33කින් යුත් මහල් නිවාස සංකීර්ණයක ගින්නක් හට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ගොඩනැගිල්ලේ 8වන හා 12 වන මහලත් අතර ඔක්තෝම්බර් 08 වන බ්‍රහස්පතින්දා දින එරට වේලාවෙන් රාත්‍රී 11ට පමණ ගින්න හට ගෙන ඇති අතර පැවති දැඩි සුළං තත්ත්වය හේතුවෙන් ගින්න සීඝ්‍රයෙන් පැතිර ගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. ඒ හේතුවෙන් ගින්න පාලනය කිරීමට දැඩි පරිශ්‍රමයක් දරන්නට සිදුව ඇති අතර පැය 13ක පමණ කාලයක් ගත වී තිබෙනවා.

කෙසේවෙතත්, මේ වන විට ගින්න පාලනය කිරීමට කටයුතු කර ඇති අතර පුද්ගලයින් 91 දෙනෙකු රෝහල්ගත කර ඇති අතර ඉන් වැඩි දෙනා දුම ආඝ්‍රාහණය හේතුවෙන් රෝහල්ගත කර තිබෙනවා.

අදාළ ගොඩනැගිල්ලේ නිවාස 120ක් හා වෙළඳ සංකීරණයක් ද ඇති අතර ගොඩනැගිල්ලේ ගින්න නිසා සිර වී සිටි පුද්ගලයින් 77 දෙනෙකු ගලවා ගැනීමට හැකි වී තිබෙනවා. ගොඩනැගිල්ලෙන් ඉවත් කළ තවත් පුද්ගලයින් 82 දෙනෙකු අසල පිහිටි හෝටලයක රඳවා තැබීමට කටයුතු කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවීමේ භටයන් 930ක් හා අනෙකුත් ගලවා ගැනීමේ නිලධාරීන් 75 දෙනෙකු ඇතුළුව දහසකට අධික පිරිසක් යොදවා ඇත.

දකුණු කොරියාවේ මෑත කාලීනව හදිසි ගිනි ගැනීම් අනතුරු කිහිපයක්ම වාර්තා වූ අතර පසුගිය අප්‍රේල් මස ඉචයොන් (Icheon) නගරයේ ඉදිකිරීම් කටයුතු සිදු කරමින් පවතින ස්ථානයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 38ක් ජීවිතක්ෂයට පත්විය.

Rivira FB Group Rivira Youtube
To Top