(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 09 පස්වරු 01.42ට)
කොවිඩ්-19 වෛරසය ආසාදිත බව තහවුරු වූ හලාවත පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකු සැප්තැම්බර් 23 වන දින කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සහ කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ වෙත ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
එසේම, අදාළ ආසාදිතයා සැප්තැම්බර් 30 වන දින නුවරඑළිය ප්‍රදේශයේ ද සංචාරය කර ඇති බව එම මධ්‍යස්ථානය වැඩිදුරටත් දන්වා සිටී.
මේ අනුව, එම දිනවල එම ස්ථානයන් වෙත ගිය පිරිස් රෝග ලක්ෂණ ඇත්නම් වහාම සෞඛ්‍ය අංශ අමතා උපදෙස් ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලා සිටී.

