,
Covid-19

NEXT ඇඟළුම් ආයතනයෙනුත් ආසාදිතයෙක් හමුවෙයි

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 09 පස්වරු 01.54ට)

කටුනායක පිහිටි ‘නෙක්ස්ට්’ ඇඟලුම් කම්හලේ සේවිකාවට ද කොවිඩ්-19 වෛරසය ආසාදිත බව තහවුරු වී ඇතැයි ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පවසයි.

සීදූව, රාජපක්ෂපුර පදිංචි 38 හැවිරිදි දෙදරු මවක් වන අදාළ කාන්තාවට වෛරසය වැළඳී ඇති ආකාරය මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඇය සමග සමීප සම්බන්ධතා පැවැත්වූ අනෙකුත් සේවකයින් ද පීසීආර් පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇත.

ඇයගේ පවුලේ සාමාජිකයින් ඇතුළු පිරිසක් නිරෝධායනයට ලක් කිරීමට ද පියවරගෙන ඇති අතර ඔවුන් ද පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකර ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළා.

Rivira Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top