කොවිඩ්-19

අසත්‍ය තොරතුරු මත කළබල නොවන්නැයි KDU රෝහල මහජනතාවගෙන් ඉල්ලයි

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 09 පස්වරු 02.20ට)

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අයත් වේරහැර පිහිටි විශ්වවිද්‍යාල රෝහලේ කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදිත වී ඇති බවට සමාජ ජාලාවල සංසරණය වන පුවත අසත්‍ය බව එම විශ්වවිද්‍යාලයේ කළමණාකාරීත්වය පවසනවා.

ඔක්තෝම්බර් 09 දින විශ්වවිද්‍යාල රෝහල් කළමණාකාරීත්වය සඳහන් කළේ සමාජ ජාලවල සංසරණය වන්නේ පසුගිය මාර්තු මාසයට අදාළ දැනුම්දීමක ‘ස්ක්‍රීන් ශොට්’ එකක් බවයි.

තවදුරටත් ව්‍යාකූල තත්වයන් ඇති වීම වැළැක්වීම සඳහා එම පැරණි නිවේදනය ද විශ්වවිද්‍යාල වෙබ් අඩවියෙන් ඉවත් කිරීමට පියවරගත් බව පැවසූ එම විශ්වවිද්‍යාලය මහජනතාවගෙන් ඉල්ලා සිටියේ අසත්‍ය තොරතුරු මත කළබල නොවන ලෙසයි.

Rivira FB Group Rivira Youtube
To Top