(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 09 පස්වරු 02.41ට)
මොනරාගල, දඹගල්ල ප්‍රදේශයේ ස්වයං නිරෝධායනයට යොමු කර සිටි 70 හැවිරිදි කාන්තාවක් දැඩි ලෙස රෝගාතුර වීම හේතුවෙන් මොනරාගල මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බව මොනරාගල රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළා.
මියගිය කාන්තාවගේ දියණිය පසුගිය ඔක්තෝම්බර් 04 දින ගමන් කළ බස් රථයේ කොවිඩ්-19 ආසාදිත කාන්තාවක් ගමන් කිරීම හේතුවෙන් දියණිය සහ නිවැසියන් ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.
ඔක්තෝම්බර් 08 රාත්‍රියේ දී දැඩි ලෙස රෝගාතුර වූ 70 හැවිරිදි කාන්තාව මොනරාගල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති අතර ඇයට කොරෝනා වෛරසය වැළඳී ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා පීසීආර් පරීක්ෂණයක් සිදුකර ඇත.
එහි ප්‍රතිඵල මෙතෙක් ලැබී නොමැති අතර ප්‍රතිඵල ලැබෙනතුරු දේහය රෝහලේ තබා ගැනීමට පියවරගෙන තිබෙනවා.

