,
Covid-19

රෝහල් 5ක ප්‍රතිකාර ලබන ආසාදිතයින් 100 පනී, වැඩිම ආසාදිතයින් ගණනක් කඹුරුගමුව රෝහලේ – දෛනික වාර්තාව

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 09 පස්වරු 05.27ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ඔක්තෝම්බර් 09 වන සිකුරාදා පස්වරු 05.00 වනවිට 4,488ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. දිනය තුළ මෙතෙක් නව ආසාදිතයින් වාර්තා වී නැති අතර ආසාදිතයින් 18 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.

ඒ අනුව, මේ විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 3,296කි. සමස්ත ආසාදිතයින් අතුරින් 13 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 1,179ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 350ක් බවද සඳහන් වේ.

මේ වන විට සුවය ලබා ඇති ආසාදිතයින්ගේ අනුපාතය 73.4%ක් ලෙසත් මරණ අනුපාතය 0.28%ක් ලෙසත් වාර්තා වේ.

එසේම, බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරට අදාළව නව ආසාදිතයින් වාර්තා වීම මෙසේ ය.

  • බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 08 – 19 
  • බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 07 – 202 
  • බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 06 – 729 
  • බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 05 - 101
  • දිවුලපිටිය කාන්තාවගේ දියණිය ඔක්. 04 - 01
  • දිවුලපිටිය කාන්තාව ඔක්. 03 - 01 

දිනය තුළ සුවය ලබා රෝහල්වලින් පිට වූ 18 දෙනා පහත රෝහල්වල ප්‍රතිකාර ගෙන සුවය ලබා රෝහල්වලින් පිටවී ඇත.

  • IDH රෝහල – 04
  • වැලිකන්ද මූලික රෝහල – 09
  • හම්බන්තොට රෝහල – 05

මේ වන විට, වාර්තා වූ සමස්ත ආසාදිතයින් 4,488 වර්ගීකරණය කර ඇත්තේ මෙසේය.

  • බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර – 1,053
  • විදේශයන් හී සිට පැමිණි ලාංකිකයින් – 1,440
  • විදේශයන් හී සිට පැමිණි විදේශිකයින් – 82
  • කන්දකාඩු කොරෝනා පොකුර – 651 (දැනට අක්‍රීයයි)
  • නාවික හමුදා සාමාජිකයින් හා ආශ්‍රිතයින් – 950 (දැනට අක්‍රීයයි)
  • වෙනත් – 313 (දැනට අක්‍රීයයි)

ඒ අනුව, මේ වන විට සිටින සක්‍රීය ආසාදිතයින් 1,179 අතුරින්,

  1. IDH රෝහල – 115
  2. වැලිකන්ද මූලික රෝහල – 113
  3. ඉරණවිල මූලික රෝහල – 44
  4. මිනුවන්ගොඩ මූලික රෝහල – 50
  5. මුල්ලේරියාව මූලික රෝහල – 18
  6. හම්බන්තොට මහ රෝහල – 156
  7. රඹුක්කන ප්‍රාදේශීය රෝහල – 77
  8. කඹුරුගමුව රෝහල – 211
  9. කාත්තන්කුඩි රෝහල – 80
  10. නෙවිල් ප්‍රනාන්දු රෝහල – 158
  11. තෙල්දෙණිය මූලික රෝහල – 68
  12. හෝමාගම මූලික රෝහල – 38
  13. රෝහල් වෙත රැගෙන යමින් – 51

එමෙන්ම, මේ වන විට ශ්‍රී ලංකාව තුළ සිදුකර ඇති සමස්ත පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 313,813ක් වන අතර ඔක්තෝම්බර් 08 දින පරීක්ෂණ 4,824ක් කළ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරනවා. ඒ අනුව මෙරට ජනගහණය මිලියනයකට සිදුකර ඇති පරීක්ෂණ ගණන 14,664 ඉක්මවා තිබෙනවා.

Rivira Ads
To Top