(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 09 පස්වරු 10.06ට)
ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ඔක්තෝම්බර් 09 වන සිකුරාදා පස්වරු 09.45 වනවිට 4,518ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, දිනය තුළ නව ආසාදිතයින් 30ක් වාර්තා වී ඇති අතර ආසාදිතයින් 18 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.
හඳුනාගත් ආසාදිතයින් 30 දෙනාම මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරට අදාළ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපතිවරයා සඳහන් කළා. එහෙත් ඒ අතරින් 03ක් එම පොකුරට අදාළ ආසාදිතයින් බවට සැක කෙරෙන බව ද නිශ්චිතව අනාවරණය වී නොමැති බව ද යුද හමුදාපතිවරයා සඳහන් කළා.
බ්‍රැන්ඩික්ස් පොකුරට අදාළව මෙතෙක් වාර්තා වූ ආසාදිතයින් මෙසේ ය.
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 09 – 30 (පස්වරු 6.30ට වාර්තා කළ ආසාදිතයින් 16, පස්වරු 9.45ට වාර්තා කළ ආසාදිතයින් 14)
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 08 – 10
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 07 – 202
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 06 – 729
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 05 - 101
දිවුලපිටිය කාන්තාවගේ දියණිය ඔක්. 04 - 01
දිවුලපිටිය කාන්තාව ඔක්. 03 - 01
ඒ අනුව බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන 1,083 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව, මේ වනවිට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 3,296කි. සමස්ත ආසාදිතයින් අතුරින් 13 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 1,209ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 350ක් බවද සඳහන් වේ.
Brandix පොකුරට අදාළව තවත් ආසාදිතයින් 10ක්
නිරෝධායනයට ගෙන ගිය කාන්තාව මිය ගියේ හෘදයාබාධායකින්
නිරෝධායනයට ගෙන යමින් සිටි ආසාදිතයෙකුගේ මවක් මිය යයි
Brandix පොකුරට අදාළව තවත් ආසාදිතයින් 06ක්
Brandix වැලිසරිනුත් ආසාදිතයෙක්
Brandix පොකුරට අදාළව තවත් ආසාදිතයින් 124ක්
Brandix පොකුරට අදාළව තවත් ආසාදිතයින් 139ක් හඳුනාගනී
Brandix පොකුරට අදාළව තවත් ආසාදිතයින් 246ක් හඳුනාගනී
Brandix පොකුරෙන් තවත් 220ක් හඳුනාගනී
Brandix පොකුරෙන් තවත් 13ක්, සමස්තය 103 දක්වා ඉහළට
Brandix කොරෝනා පොකුරෙන් තවත් 05ක් හඳුනාගනී
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරෙන් ආසාදිතයින් 69ක්
දිවුලපිටියේ ආසාදිතයාගේ 16 හැවිරිදි දියණියටත් කොරෝනා
දිවුලපිටියේ කාන්තාවකට කොරෝනා ආසාදනය වෙයි

