දේශීය පුවත්

“රියාජ් බදුර්දීන් වහාම අත්අඩංගුවට ගන්න”, නිදහස් කිරීම ගැන ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන් 100ක් පරීක්ෂණයක් ඉල්ලයි

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 09 පස්වරු 10.44ට)

පාස්කු සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත මාස 05කට අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කර පසුව කිසිඳු නඩු විභාගයකින් තොරව රියාජ් බදුර්දීන් නිදහස් කිරීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් 100 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

ඔක්තෝම්බර් 09 දිනැති අදාළ ලිපියෙන් මන්ත්‍රීවරුන් පවසා ඇත්තේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ගේ සහෝරයෙකු වන රියාජ් බදුර්දීන් නිදහස් කිරීම ගැන පූර්ණ පරීක්ෂණයක් පවත්වා නැවත අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස යි.

හිටපු යුද හමුදාපති, විශ්‍රාමික ජෙනරාල් මහේෂ් සේනානායක විසින් පාස්කු කොමිසම හමුවේ සාක්ෂි දෙමින් කළ අනාවරණයන් ද සැළකිල්ලට ගෙන ඇති මන්ත්‍රීවරුන් පෙන්වා දෙන්නේ එවැනි ප්‍රබල සාක්ෂි තිබිය දී විධිමත් ක්‍රමවේදයකින් තොරව රියාජ් බදුර්දීන් නිදහස් කර ඇති බවයි.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් අදාළ ලිපිය ලැබී ඇති බව තහවුරු කරමින් සඳහන් කර ඇත්තේ ඊට අදාළ ලිපිය අගමැතිවරයා වෙත අරලියගහ මන්දිරයේ දී බාර දී ඇති බවයි.

එම ලිපි දෙක සම්පූර්ණයෙන් පහතින්.

Read More

  1. රිෂාඩ් එක්ක මගේ රජයට කිසිඳු ඩීල් එකක් නෑ
  2. 20 වන සංශෝධනයට බදුර්දීන් සහය දෙයි ද?
  3. බදුර්දීන් ගැන කලින් තිබූ සාක්ෂි පසුව නැති වීම දේශපාලන ඩීල් එකක්දැයි කාදිනල් හිමි සැක කරයි
  4. නඩු නැතිවම රියාජ් බදුර්දීන් නිදහස්
  5. රිෂාඩ් බදුර්දීන් CIDයට ඇවිත් යයි, තම සොහොයුරා නිර්දෝෂී බවත් කියයි
Rivira FB Group Rivira Youtube
To Top