(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 10 පෙරවරු 10.59ට)
ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ඔක්තෝම්බර් 10 වන සෙනසුරාදා පෙරවරු 10.00 වනවිට 4,523ක් ලෙස සටහන් වී තිබෙනවා. ඒ අනුව, එම ප්‍රමාණය ශ්‍රී ලංකාවේ ජනගහණය මිලියනයකට සාපේක්ෂක 211ක් පමණ වේ.
එසේම, මේ වනවිට ශ්‍රී ලංකාව තුළ සිදුකර ඇති සමස්ත පීසීආර් පරීක්ෂණ ගණන ඔක්තෝම්බර් 10 පෙරවරු 10.00 වනවිට 321,009ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරනවා. මේ වන විට ජනගහණය මිලියනයකට සාපේක්ෂව සිදුකර ඇති පීසීආර් පරීක්ෂණ ගණන 15,000ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එසේම, මෙතෙක් ඉතිහාසයේ දෛනිකව සිදුකර ඇති පීසීආර් අතරින් වැඩිම පරීක්ෂණ ගණනක් සිදුකර ඇත්තේ ද ඔක්තෝම්බර් 09 දින යි. එදින සමස්ත පීසීආර් පරීක්ෂණ 7,196ක් සිදුකර ඇති අතර ඊට පෙර දිනයේ සිදුකළ පරීක්ෂණ ගණන 4,824ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි. ඔක්තෝම්බර් 09 දිනය තුළ නව ආසාදිතයින් 35ක් හඳුනාගෙන තිබෙනවා.
