RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 10 පස්වරු 12.05ට)
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පාර්ශව 39ක් විසින් ඉදිරිපත් කළ පෙත්සම්වලට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය කථානායකවරයා වෙත යොමුකර තිබෙනවා.
ඒ අනුව, ඔක්තෝම්බර් 10 දින කථානායක මහින්ද අබේවර්ධන සඳහන් කළේ ඊට අදාළ රහසිගත ලිපිය තම කාර්යාලයට ලැබී ඇති බවයි. ඒ අනුව, ඔක්තෝම්බර් 12 වන සඳුදා තමා කර්යාලයට ගිය පසු එම ලිපිය විවෘත කිරීමට නියමිත බව ද කථානායකවරයා සඳහන් කළා.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය
විනිසුරු බුවනෙක අලුවිහාරේ
විනිසුරු සිසිර ද ආබෲ
විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන
විනිසුරු විජිත් මලල්ගොඩ
යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් සළකා බැලීම සිදුකරනු ලැබූ අතර සැප්තැම්බර් 29 දින සිට දින 4ක් තුළ 20 වන සංශෝධනයට එරෙහි පෙත්සම් 39ක්, සංශෝධනයට පක්ෂව අතරමැදි පෙත්සම් 8ක් මගින් සහ නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරනු ලැබුවා.
කෙසේ වෙතත්, ශ්‍රේෂ්ඨාධීකරණ නිගමනයේ සඳහන් කරුණු පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට සතියක් පමණ ගතවන බව පැවසූ කථානායකවරයා කියා සිටියේ ඔක්තෝබර් 20 දින ශ්‍රේෂ්ඨාධීකරණයේ නිගමනය පාර්ලිමේන්තුවට දැනුම් දීමට පියවර ගන්නා බවයි.
20 වන සංශෝධනයට එරෙහි පෙත්සම්කරුවන් අධිකරණය හමුවේ දැක්වූ වැදගත් කරුණු මෙන්න
20 වන සංශෝධන කෙටුම්පතට එරෙහි පෙත්සම් ගැන ඔබ දැන ගත යුතු දේ මෙන්න

