(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 10 පස්වරු 01.02ට)
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සෞඛ්‍ය සේවිකාවට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
කොළඹ 08 ප්‍රදේශයේ තාවකාලිකව නවාතැන් ගෙන සිට ඇති අදාළ සේවිකාව පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි අයෙක් වන අතර බොහෝ කාලයකින් සිය ගම්පළාතට ගොස් නැති බව ද අනාවරණය වී තිබෙනවා.
කෙසේ වෙතත්, අදාළ සේවිකාව සේවය කළ රෝහල් වාට්ටුව විෂබීජහරණය කර ඇති අතර දැඩි සෞඛ්‍යාරක්ෂිත වැඩපිළිවලක් ක්‍රියාත්මක කරමින් එම පරිශ්‍රයෙන් තවදුරටත් කොරෝනා වෛරසය බෝ විය නොහැකි තත්වයට පත් කර ඇති බව රෝහල් අධ්‍යක්ෂකවරයා තහවුරු කළා. එබැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර ගත යුතු නැති බව ද රෝහල් අධ්‍යක්ෂවරයා කියා සිටියා.

