,
News

රෝහල්වල නේවාසික ලෙඩුන් බැලීමට යාමේදී උපදෙස් මාලාවක්

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 10 පස්වරු 06.50ට)

පවතින කොවිඩ් වසංගත තත්ත්වය තුළ ආරක්ෂිත පියවරක් ලෙස රෝහල් වල නේවාසික ප්‍රතිකාර ලබන රෝගීන් බැලීමට යාමේදී අනුගමනය කළ යුතු උපදෙස් සම්බන්ධයෙන් වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය එස්. ශ්‍රීධරන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති අත් සේදීම,මීටරයක සමාජ දුරස්ථ භාවය පවත්වා ගැනීම සහ මුහුණු ආවරණ පැළදීම අනිවාර්ය බව සෞඛ්‍ය සේවා ජෙනරාල් තුමා දන්වයි. එමෙන්ම නේවාසික රෝගීන් බැලීමට යෑම අවම කරන ලෙසද එම නිවේදනයේ සඳහන් වේ.

නේවාසික රෝගීන් සඳහා රැගෙන යන ද්‍රව්‍ය රෝගීයා මුණනොගැසෙන සුදුසු වෙනත් ක්‍රමවේදයක් යොදා ගන්නා ලෙස ද සඳහන් වෙයි. අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා සඳහා ළඟම ඇති රෝහල වෙත යන ලෙස ද සෞඛ්‍ය සේවා ජෙනරාල් තුමා එම නිවේදනයෙන් වැඩිදුරටත දන්වා සිටියි

Rivira Ads
To Top