,

NEXT ඇඟළුම් ආයතයෙන් තවත් ආසාදිතයින් 11ක්, ඒ ආශ්‍රිතව කුඩා පොකුරක්

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 10 පස්වරු 09.08ට)

කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි ‘නෙක්ස්ට්’ ඇඟලුම් කම්හලේ තවත් සේවකයින් 11 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි සීදූව මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර සඳහන් කළේ ය.

සීදූව, රාජපක්ෂපුර පදිංචි 38 හැවිරිදි දෙදරු මවක් එම ආයතනයට අදාළව ඔක්තෝම්බර් 09 දින වාර්තා වූ අතර ඒ අනුව, ඇයගේ ආශ්‍රිතයින් ඇසුරින් සිදුකර ඇති පීසීආර් පරීක්ෂණවල ප්‍රතිඵල අනුව තවත් ආසාදිතයින් 11 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

එම ආසාදිතයින් 11 දෙනා අතර සේවිකාවන් 02 දෙනෙකු සහ සේවකයින් 09 දෙනෙකු ඇති අතර එම ආයතනයට අදාළ සමස්ත ආසාදිතයින් ගණන 12 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව එම ආයතනය ආශ්‍රිතව මේ වනවිට කුඩා පොකුරක් නිර්මාණය වී තිබෙනවා.

NEXT ඇඟළුම් ආයතනයෙනුත් ආසාදිතයෙක් හමුවෙයි

Rivira Ads