(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 11 පෙරවරු 10.57ට)
කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තවත් සතියක කාලයක් සඳහා වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව, එම කාර්යාලය ඔක්තෝම්බර් 18 වන දින දක්වා වසා තැබෙන බව එම තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කාර්යය මණ්ඩල සාමාජිකයන් අතර සහ සුරක්ෂා නිවාසයේ රැකවල් මත සිටින කාන්තාවන් අතර කොවිඩ් – 19 වෛරසය පැතිරීම හේතුවෙන් තවදුරටත් වෛරසය පැතිරීම වළක්වාලීම සඳහා මෙම පියවර ගෙන ඇති බවත් කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
ඒ අනුව, මෙම කාලය තුළ කුවේටයේ සිටින ලාංකිකයින් ගේ හදිසි සේවාවන් සඳහා slemb.kuwait@mfa.gov.lk යන විද්‍යුත් තැපෑල ඔස්සේ සම්බන්ධ විය හැකි බව කුවේටයේ ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි.
කුවේට්යේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කරන ලාංකික සේවකයින් වන රියදුරුට , භාෂා පරිවර්කට හා තවත් සේවකයෙකුට හා එම තානපති කාර්යාලය බාරයේ පවත්වන සුරක්ෂා නිවාසයේ රැදී සිටින ලාංකික කතුන් 44 දෙනෙකුට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් පසුගිය සැප්තැම්බර් මස 26 වැනි දා සිට සති දෙකක කාලයක් සඳහා එම කාර්යාලය වසා දමා තිබුණි. එය නැවත ඔක්තෝම්බර් 11 වන දිනයේ සිට විවෘත කිරීමට නියමිතව තිබුණි.
මෙම සුරක්ෂා නිවාසයේ රැඳී සිටින කාන්තාවන් පිරිස ගෘහ සේවය , පවිත්‍ර සේවාවන් ඇතුළු රැකියා වලට පැමිණ පොරොන්දු වු පරිදි වැටුප් නොලැබ , හාම්පුතුන් ගේ විවිධ වද හිංසා වලට ලක්වීම නිසා තානාපති කාර්යාලයේ රැකවල් යටතේ සිටි පුද්ගලයින් වේ.

