(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 11 පෙරවරු 10.36ට)
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරට අදාළව තවත් ආසාදිතයින් දෙදෙනෙකු ජයවර්ධනපුර හා කැළණිය විශ්වවිද්‍යාලවලින් හඳුනාගෙන තිබෙනවා.
දැනට වසා දමා ඇති කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පිඨයේ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ අධ්‍යාපනය හදාරන ශිෂ්‍යාවකට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වී තිබේ.
මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි අදාළ සිසුවියගේ පියා මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කර ඇති බව ද දැනට අනාවරණය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
සිදුවීම වාර්තා වීමත් සමග අදාළ සිසුවිය සමග සිටි තවත් සිසුවියන් දෙදෙනෙකු ද පීසීආර් පරික්ෂණයට යොමු කර ඇති අතර එහි ප්‍රථිපත ලැබීමට නියමිත බව කැළණිය විශ්වවිද්‍යාලය පවසනවා.
මේ අතර ඔක්තෝම්බර් 10 දින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුවියකට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී තිබුණා. එම විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ සඳහන් කළේ,
අදාළ ශිෂ්‍යයාව කළමනාකරණ පීඨයේ, තීරණ අධ්‍යයනාංශයේ තෙවනි වසරේ ඉගෙනුම ලබන අයෙක් බවයි.
අදාළ සිසුවියගේ මව, පානදුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ හෙද නිලධාරිනියක ලෙස සේවය කරන අයෙකු වන අතර ඒ හේතුවෙන් එම ඒකකයේ සේවයේ නියුතු සේවක සේවිකාවන් 20ක් පමණ පීසීආර් පරීක්ෂණ සඳහා යොමු කර ඇති බවයි.
එසේම, ආසාදිතයෙකු හඳුනාගැනීමත් සමග ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉදිරි අධ්‍යන කටයුතු සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම, දැනට සිදුකර ඇති අනෙකුත් පීසීආර් පරීක්ෂණවල ප්‍රතිඵල ලැබුණු පසු අද හෝ හෙට සිදුකරන බව උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ සඳහන් කළේ ය.

