කොවිඩ්-19

ගම්පහ ග්‍රාමයන් 3ක් අධි ආරක්ෂිත කලාප බවට පත් කරයි, ඇතුල්වීම හා පිටවීම තහනම්

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 11 පස්වරු 02.02ට)

කොවිඩ්-19 ආසාදිතයින් 37 දෙනෙකු වාර්තා වීමත් සමග ගම්පහ දිස්ත්‍රික්කයේ ග්‍රාමයන් 3ක් අධි ආරක්ෂිත කලාප බවට පත් කිරීමට තීරණය කළ බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් පවසයි.

ඔක්තෝම්බර් 11 දින සිට වහාම ක්‍රියාත්මක වන පරිදි අත්තනගල්ල සහ මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් මාලිගාතැන්න, එළුවාපිටිය හා කුරිකොටුව යන ග්‍රාමයන් මෙලෙස අධි ආරක්ෂක කලාප බවට පත් කර ඇත.

ඒ අනුව එම ග්‍රාමයන් 3ට අයත් ග්‍රාම නිලධාරී වසම් 7ක් වෙත ඇතුළුවීම සහ ඉන් පිටවීම තහනම් කර ඇති බව දිසාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

එම ප්‍රදේශවලින් වාර්තා වූ ආසාදිතයින් 37 දෙනා අතර එළුවාපිටිය විහාරස්ථානයක හිමිවරුන් සිව්නමක් ද සිටින බව ද අනාවරනය වී තිබෙනවා.

Rivira FB Group Rivira Youtube
To Top