කොවිඩ්-19

මන්නාරමේ ග්‍රාමයන් 2ක් හුදෙකලා කරයි

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 11 පස්වරු 06.07ට)

කොවිඩ්-19 වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා මන්නාරම දිස්ත්‍රික්කයේ ගම්මාන දෙකක් හුදකලා කිරීමට කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය තීරණය කර තිබෙනවා.

ඔක්තෝම්බර් 11 පස්වරු 05.50ට නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ මන්නාරම දිස්ත්‍රික්කයේ පට්ටිටෝට්ටම් සහ පෙරියකඩෙයි යන ප්‍රදේශ මෙලෙස හුදෙකලා කර ඇති බව කොවිඩ් මධ්‍යස්ථානය දැන් වූ බවයි.

මීට පෙර ගම්පහ දිස්ත්‍රික්කයේ ද ගම්මාන 3ක් හුදෙකලා කිරීමට පියවර ගෙන තිබුණා.

ගම්පහ ග්‍රාමයන් 3ක් හුදෙකලා කරයි

Rivira FB Group Rivira Youtube
To Top